මනුස්සකමට ඉව අල්ලන්නට ඩිල්ෂාන් ගේ දෙපයත්
දකුණේ සිට උතුර දක්වා දිවෙන මිනිසුන් මානුෂීය මෙහෙවර උදෙසා පොළඹවන සුළු,යාපනයේ අංග සම්පූර්ණ පිළිකා රෝහලක් ඉදි කිරීම සදහා වන ව්‍යාපෘතිය ට මහජන ආධාර එකතු කර ගැනීමේ පා ගමනට අනුරාධපුරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් එකතු වුණා.මෙම සත් කාර්යය සාර්ථක කර ගැනීමට උර දී සිටින නිල සංවිධායක ආයතන කිහිපය අතරේ පා ගමනේ සංවිධායක වගකීම කරට ගෙන සිටින මාස් සමූහ ව්‍යාපාර පවුලේ සේවකයෙකු ද වන ඪිල්ෂාන් පා ගමනට එකතු වීමෙන් ඒ සදහා විශාල මහජන ආකර්ශණයක් ඇති කර ගන්නට ද හැකි වුණා.
විවිධ වෘත්තීන් සහ විවිධ හැකියාවන් ඇති අයගේ නිරන්තර සහයෝගය හිමිවන මෙම පා ගමනේ දී විවිධ ක්‍රීඩාවන් හී ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දක්වන සහයෝගය අති විශිෂ්ඨ යි. ඒ අතර දිගින් දිගටම දකුණේ සිට උතුර දක්වා දිවෙන මෙම පා ගමනට පියවරක් නෑර එක් වී සිටින ර්‍කීඩක පිරිස් ද සිටිනවා.බොක්සි ක්‍රීඩක මංජු වන්නි ආරච්චි මෙන්ම පැරා මීටර් 100 ඉසව්වක ලෝක වාර්තා ලාභිණියක වන ඉන්දු කරුණාතිලක ද ඒ අතර වෙනවා.
මෙම පා ගමනට එක් වූ තිලකරත්න ඩිල්ෂාන් හා සිය සුහදතාවය බෙදා ගන්නා පාසල් දරුවෙක් ඔහු හා සුහදත්වය පෙදා ගන්නා අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.